සමෘද්ධිලාභීන් ගැන හෙළිදරව්වක්...

 

ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහකට ආසන්න පිරිසක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී තොරතුරු හෙළිවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.


ඒ අනුව නුසුදුසු පුද්ගලයන්ට දීමනාව ලබාදී ඉන් යම් ප්‍රතිශතයක් ලබාගන්නා ඇතැම් දූෂිත නිලධාරීන් ද සිටින බව එම කමිටුව සඳහන් කළේය.


මනා විනිවිඳබවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදුකිරීම සඳහා මෙම නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. 


නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සුභ සාධක ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයක් සකස් කිරීම ප්‍රමාදවී ඇතැයිද එහිදී තොරතුරු හෙළිවිය.ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය මතුව ඇතැයිද සඳහන් විය.


සමෘද්ධිලාභීන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු දෙන නිලධාරීන් දඬුවමකට යටත් කළ හැකි බව පැවසූ කමිටුව නිවැරදි දත්ත ලේඛනයක් පවත්වාගෙන යෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක්ද වන හෙයින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ප්‍රකාශ කළේය.


මේ තොරතුරු අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

Post a Comment

0 Comments