කැලිෆෝනියා ප්‍රාන්තයට නැවතත් සුළි කුණාටු අවදානමක්...

 

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හෙට තවත් සුළි කුණාටු අවදානමකට සිදුවනු ඇතැයි එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි


ඒ අනුව ලොස් ඇන්ජලිස්, සැක්රමෙන්ටෝ, සැන්ප්‍රැන්සිස්කෝ යන නගරවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බව සඳහන්.මේ හේතුවෙන් එම නගරවල ජනතාවට හදිසි ගංවතුර, නායයෑම් මෙන්ම හිම කුණාටු තත්ත්වයකට ද මුහුණදීමට සිදුවනු ඇති.පසුගිය නත්තල් දිනයේ සිට මේ දක්වා කැලිෆෝනියාවට සුළි කුණාටු රැල්ලකට මුහුණදිමට සිදු වූ අතර, ඒ හේතුවෙන් දේපළ හා ජීවිත හානි රැසක් වාර්තාවුණි.

Post a Comment

0 Comments