චීන ජනාධිපතිගෙන් රනිල්ට ලිපියක්...

 

චීන ජනාධිපති ෂී ජින්පින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් එවා තිබේ.


එම ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී තිබුණි.


ඒ, අද (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වු අවස්ථාවේදීය.


ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවය.

Post a Comment

0 Comments