නව දුම්රිය කාලසටහනක් පෙබරවාරියේ...

 

එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. 


ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 05 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.


පවතින ධාරිතාව අනුව එම නව දුම්රිය කාලසටහන හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


මේ අතර “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100%ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

Post a Comment

0 Comments