යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා ලබාදෙනු ලබන ග්ලෝබල් ගැප් සහතිකය(GLOBAL GAP) මෙම වසරේ සිට කුළුබඩු බෝග සඳහා නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ එල්.එම්.ජේ.කේ.ලින්දර පැවසීය.
මෙම තත්ත්ව සහතිකය ලබා ගැනීම මඟින් නිෂ්පාදකයින්හට වෙළෙඳුන්,ආනයනකරුවන් සහ පාරිභෝගිකයින් වෙත තම නිෂ්පාදන යහපත් කෘෂිකාර්මික භාවිතයන්හි රාමුව තුළ නිෂ්පාදනයවී ඇති බව පෙන්වාදිය හැකිය.ඒ මඟින් පාරිභෝගික විශ්වාසය දීනා ගැනීමේ හැකියාව පවතින අතර එයට අමතරව මෙම තත්ත්ව සහතිකය මඟින් ජාතික සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පහසුවෙන් ළඟාවීමේ වාසිය හිමිවේ.
එබැවින් මෙම තත්ත්ව සහතිකය ලබාගැනීමට අවශ්‍ය නිෂ්පාදකයින්හට අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තු දිස්ත්‍රික් කාර්යාල වෙත ඉල්ලුම්පත් යොමුකිරීමේ හැකියාව මේ වන විට පවතින බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
0 Comments