පොහොට්ටුව පාඩම් ඉගෙනගෙන නෑ.. ආයෙත් පරණ පාරෙ යනවා.. පක්ෂයට අනාගතයක් නෑ.!

 



අර්බූදයකට පොදුජන පෙරමුණ පක්ෂය පත්ව සිටියදීත් තවමත් ගමන් කරන්නේ පරණ පාරේම යන එක බව එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් කලකිරීමකින් යුතුව සදහන් කර ඇත.

පොහොට්ටුවේ තරුණ මන්ත්‍රිවරුන් අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන් බහුතරයක් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේදී සිදුවූ ඇතැම් සිදුවීම් වලින් හෝ පොහොට්ටුවේ ප්‍රබලයන් පාඩම් ඉගෙනගෙන නොමැති බවයි.

පොදුජන පෙරමුණ ඉදිරියටත් මේ අයුරින් කටයුතු කළහොත් පොහොට්ටුවට අනාගතයක් නොමැති බවද එම තරුණ මන්ත්‍රීවරුන් සදහන් කර ඇත.

එසේ වන්නේ නම් තමන්ටද තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවද තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම එහිදී දැඩිව අදහස් පළ කොට ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments