රියදුරුට නින්ද යාමෙන් සිදුවූ රිය අනතුර...

 



කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේදී මෝටර් රථයක් නිවසක් ඉදිරිපිට තාප්පයක ගැටීමෙන් එය පැදවූ තරුණයා තුවාල ලබා තිබේ.


කැස්බෑව පොලිසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ මෙම අනතුර සිදුව ඇති බවයි.


මෝටර් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය කිරීමේදී තරුණයා ට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන වම්පස තිබෙන නිවසක් ඉදිරිපිට තාප්පයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.


අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇති අතර, තාප්පයට ද අලාභ සිදු වී ඇතැයි පොලිසිය පවසයි.


තුවාල ලද තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

Post a Comment

0 Comments