ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය...

 

මෙවර පළාත් පාලන මැතිවරණයට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි භාවිත නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මැතිවරණය සඳහා දැනට තිබෙන ලී පෙට්ටි ප්‍රමාණය සැහෙන බවද එම කොමිසම කියයි.


ඡන්ද මධ්‍යස්ථාන 14,000ක් තිබෙන අතර ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවලට උපරිමයෙන් යොදා ගැනෙන ඡන්ද පෙට්ටි සංඛ්‍යාව දෙකක් හෝ තුනකි.


පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේද අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදීමය.

Post a Comment

0 Comments