මැදවච්චියෙන් හමුවූ රතු මැණික...

 

පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රතු පැහැති මැණිකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මැදවච්චිය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී තිබේ.විශේෂ කාර්ය බළකා කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මැදවච්චිය පොලිස් වසමේ ගුරුකන්දේගම ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී එය හමුවූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.


සැකකරුවන් බිංගිරිය සහ මණ්ඩාපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් සහ 53ක් වන දෙදෙනෙකි.

Post a Comment

0 Comments