නියෝජ්‍ය කතානායකගේ වත්තේ ගංජා වවලා...

 

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂට අයත් මත්තල පිහිටි ඉඩමක ගංජා වගා කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තල පොලිස් වසමේ මත්තල ගුවන්පාලම අසන්න ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.


අදාල සැකකරු නියෝජ්‍ය කතානායකවරයාට අයත් අක්කර 10ක් භූමියක් කුලියට ලබාගෙන එහි අක්කර 2 1/2ක් පමණ නිති විරෝධි ලෙස ගංජා වගා කර තිබේ.


අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබද වැඩිදුර විමර්ශන කතරගම පොලිස් ස්ථානය විසින් සිදු කරයි

Post a Comment

0 Comments