චීන ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ පණිවුඩයක් රැගෙන දිවයිනට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Chen Zhou ඇතුළු පිරිස කොළඹදී අද (16) සමුළුවකට එක්විය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මෙම සමුළුව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්ව සිටියේය.
එහිදී චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සූර්ය බල ඒකක 1,000ක් පරිත්‍යාග කර තිබුණි.
ලොව විශාලතම සුනිත්‍ය බලශක්ති නිෂ්පාදකයා, පාරිභෝගිකයා සහ අපනයනකරු ලෙස සැලකෙන්නේද චීනයයි.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහාය වන ලෙස චීන නියෝජිත පිරිස හමුවු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබුණි.
එම සමුළුවේ දී අදහස් දැක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Chen Zhou ,
"අපගේ ක්‍රමෝපාය සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ශ්‍රී ලංකාව සමග කටයුතු කරමින් ඉදිරියට යාමයි චීනයේ අපේක්ෂාව. එමගින් වඩාත් යහපත් අනාගතයක් උදෙසා ප්‍රතිලාභ අපේක්ෂා කළ හැකියි. අපේ අසල්වැසි සහයෝගිතාව තහවුරු කිරීම අවශ්‍යතාවක් වන අතර සංවර්ධන පාර්ශ්වකරුවන් ලෙස අපට පොදු ප්‍රතිලාභ අත්විඳිය හැකියි. වැඩි ප්‍රතිඵලයක් අත්කරගැනීමට නම් හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි තීරුවක් සහ මාවතක් වැඩසටහන යටතේ ප්‍රායෝගික ආර්ථික සහයෝගිතාව පිළිබිඹුවන ව්‍යාපෘති හැකිතාක් ක්‍රියාවට නැංවීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුයි"

0 Comments