පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුය අනුව තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ කෝටි දහයක වන්දි මුදල ගෙවීමට තමන්ට පෞද්ගලිකව හැකියාවක් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඒ නිසා එම වන්දි මුදල ජනතාවගෙන් එකතු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.
එසේ මුදල් එකතු කරගත නොහැකි වුවත් තමන් හිරේ යාමට සූදානම් බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
“නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා. කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ මට. ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕනේ. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.
සහෝදරයෝ වුනාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර 05 නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා. වෙන ආදායම් මාර්ගයක් නැහැ.”


0 Comments