රට පුරා ගිලන් රථ රියැදුරන් අද වර්ජනයක...

 

බැංකු පොලී අනුපාත ඉහළ යෑම ඇතුළු කාරණා කීපයක් මුල්කරගනිමින් දිවයින පුරා ගිලන් රථ රියැදුරන් සහ සෞඛ්‍ය ක්ෂත්‍රයේ අනෙකුත් රියැදුරන් හත්දහසකට ආසන්න පිරිසක් අද (09 වැනිදා) වැඩ වර්ජනයක නිරත වන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප්‍රවාහන රියැදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී.විජේසිංහ පැවසුවේය.


රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය සඳහා පැවති සියයට 9 ත් 10 ත් අතර පොලී අනුපාතය ඉහළ දැමීම ඇතුළු කාරණා මුල්කරගනිමින් වැඩ වර්ජනයේ නිරත වෙති.


මේ නිසා රෝගී සත්කාරක සේවා බිඳ වැටෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයටද දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය.


සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ගිලන් රථ 550 ක් පමණ තිබෙන අතර,ගිලන් රථ රියැදුරන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් රියැදුරෝ ලෙස 1150 ක් පමණ සේවයේ යෙදී සිටිති.මීට අමතරව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ගිලන් රථ 800 ක් පමණ තිබෙන අතර,රියැදුරන් ලෙස 5800 කට අධික පිරිසක් සේවයේ යෙදී සිටී.


මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළද විසදුමකින් තොරව එය අවසන්වී ඇත.

Post a Comment

0 Comments