පුනරුත්ථාපනය වූ 17 හැවිරිදි තරුණයකු සහ තවත් පුද්ගලයකු තලංගම බණ්ඩාරවත්ත හන්දිය අසල දී සිදුකළ වැටලීම් දෙකකදී රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් සමග ගංජා කිලෝ එකහමාරක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්8 ක් හා මත්පෙති 380ක් පොලිස් භාරයට ගෙන ඇත.
පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය රැගෙන තලංගම බණ්ඩාරවත්ත හන්දියට පැමිණ ඇති බවට තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඇතුළු නිළධාරීන් පිරිසක් වැටලීම සිදුකර ඇත
17 හැවිරිදි තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ගෑම් දෙදහක් සහ මත් පෙති අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය පානය ට දැඩි ලෙස ඇබ්බැහිව සිටින අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා මීට වසර 2කට පමණ ඉහතදී පුනරුත්ථාපන කඳවුරක රඳවා සිට පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය කියයි
අනෙක් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ දීර්ඝ කාලයක සිට නිරතව සිටි අයෙක් බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත
සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි
සැකකාර 17 හැවිරිදි තරුණයා අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනෙක් සැකකරු වන 51 හැවිරිදි පුද්ගලයා බත්තරමුල්ල දුටුගැමුනු මාවතේ පදිංචි කරුවෙක් වේ.
සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
තලංගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 Comments