යූ ටියුබ් සහ ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක්...

 

යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.


මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවල පිළිබඳ මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවයි.


එම හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත් එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරනු ලැබීය. 

Post a Comment

0 Comments