රට පුරා බොහෝ රෝහල්වල රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඇතැම් ග්‍රාමීය හා පර්යන්ත රෝහල්වල ඖෂධ නැතිවීම නිසා ජනතාව අසීරුතාවයට පත්ව ඇතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසීය.
ඒ අනුව සායන හා බාහිර රෝගී අංශවල රෝගීන්ට අවශ්‍ය ඖෂධ වැඩි ප්‍රමාණයක් බාහිර ඔසුසැල් වලින් මිලදී ගැනීමට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිළිබඳව සඳහන් කරන්නේ ඖෂධ අඩුවක් දක්නට ලැබෙන රෝහල්වලට ඖෂධ යැවීමට කටයුතු කරමින් සිටින බවයි.


0 Comments