හංවැල්ල නගරයේ හරස් පාර ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරුවෙකුගේ පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය සමග හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයට පවසයි.
ඉකුත් මස 18 වන දින රාත්‍රීයේ දුම්වැටි මිල දී ගැනීමට යතුරු පැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනෙකු ගෙන් අයකු වෙළඳසැල තුළටම පැමිණ මුදල් කවුන්ටරයේ සිටි ආපනශාලා හිමිකරු වන මොහොමඩ් ෆර්හාන්(46)ට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
ඝාතනයට ලක්වූ එම පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකි.
අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර බස්නාහිර - දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඝාතන සිද්ධියට අනුබලදීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.
ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු නිරිපොළ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ වැටලීමේදී පොලීසියට වෙඩි තැබීමේදී පෙරළා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලද එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා කරවිට සීයා නැමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙකු වන අතර හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතන සිද්ධියේ වෙඩික්කරු ද ? එම සිද්ධියේදී යතුරුපැදිය යතුරුපැදිය පැදවූ පැදි කරුද ? යන්න මෙතෙක්නි ශ්චිතව හඳුනා ගෙන නැතැයි ඇතැයි පොලිසිය සඳහන් කරයි.
0 Comments