පල්ලෙකැලේ උඩමළුවේ පුරාවිද්‍යා රක්ෂණයේ තිබූ ඉපැරණි ගල් කැටයම් සහිත සඳගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහනුවර අරුප්පල ප්‍රදේශයේ නිවසකට සහ වාහන අංගනයකට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.
මෙම පුරාවස්තු සොරකම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මහනුවර පොලිසිය විසින් මග හැරීම හේතුවෙන් එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයාගේ නියමයෙන් පවරන ලදී.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවරට පැමිණ එහි විමර්ශන සිදු කරගෙන යයි.
කිලෝ දහසක් පමණ බරති එම පුරාවස්තුව රැගෙන යාමට උපයෝගී කරගත් බූම් ට්‍රක් රථය සහ එය පැදවූ රියැදුරු හා සහායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව මෙම නිවස සහ වාහන අංගනයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
එම නිවසේ සහ වාහන අංගනයේ හිමිකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවද අදාල ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
0 Comments