නඩු භාණ්ඩ ලෙස අධිකරණ භාරයට ගත් ත්‍රීරෝද රථයක සහ ලොරි රථයක බැටරි දෙකක් සොරකම් කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ එවා මිල දි ගත් පුද්ගලයන් දෙදෙනෙකු කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (11) රාත්‍රියේ කල්පිටියේදී සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරිමේදි මෙම සොරාගත් වාහන බැටරි හමුවී ඇති අතර, එහිදී සිදුකළ වැඩිදුර විමර්ශන අනුවයි මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ඔවුන්ට ඒවා කල්පිටිය පොලිසියට අනුයුක්ත කල්පිටිය සංචාරක උසාවියේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රුපියල් 4500 ක මුදලකට අලෙවිකර ඇති බවට ලොරි රථයේ සිටි දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබේ.
0 Comments