එජාපය සහ පොහොට්ටුව අතර සාකච්ඡාවක්...

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ පවත්වා තිබේ.


ඊට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු ප්‍රබලයන් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු දිස්ත්‍රික්ක නායකයින් කිහිපදෙනෙකු සහභාගි වී ඇත.


පක්ෂ දෙකේ දිස්ත්‍රික් නායකයින් සමඟ මේ සතිය තුළ සාකච්ඡා පවත්වා ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට එහිදී දෙපාර්ශ්වය තීරණය කර තිබේ.


මේ අතර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.


ඇතැම් පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට එකඟතාවක් තිබෙන බව කී එජාප මහලේකම්වරයා එසේ නොවන පළාත් පාලන ආයතන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කරන බව සඳහන් කළේය.

Post a Comment

0 Comments