බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී...

 

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එරට ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වටලා තිබේ.


විදෙස් මාධ්‍ය සඳහන් කළේ බ්‍රසීල පාපන්දු කමිසවලින් සැරසුනු පිරිස කොඩි අතැතිව මන්දිරයට ඇතුලු වී ඇති බවයි.


එලෙස විරෝධතා ආරම්භ වූයේ, හිටපු ජනාධිපතිවරයෙකු වන ලූලා ද සිල්වා යළි බ්‍රසීල ජනපති ධුරයට පත්වී සතියකට පසුවයි.


විරෝධතාකරුවන් පලවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.


ජනාධිපති ලුලා ද සිල්වා පවසන්නේ, විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බවයි.

රජයේ ගොඩනැගිලි පිහිටි ප්‍රධාන මාර්ග ඇතුළු ස්ථාන, පැය 24 ක් වසා තබන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ.


කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරෝධතාකරුවන් අත්පත් කරගත් ,ජනාධිපති මන්දිරය සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු රජයේ ගොඩනැගිලි මේ වනවිට පොලීසිය විසින් අත්පත් කරගනු ලැබ ඇති බවයි.


එසේම විරෝධතාකරුවන් 170 දෙනෙකු පමණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Post a Comment

0 Comments