හදුන්නෙත්ති නගරාධිපති අපේක්‍ෂක.. නාම යෝජනා බාර දෙයි..

 


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි.

ඔහු මාතර නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් තබා ඇත.

මෙවර පලාත් පාලන මැතිවරණයේ නාම යෝජනා බාර ගැනීම අද දහවල් 12.00ට අවසන් වන අතර මැතිවරණය පැවැත්වෙන දිනය ඉන් අනතුරුව ප‍්‍රකාශයට පත් කරයි.


Post a Comment

0 Comments