මෙරට සමාජය තුළ දිගු කාලීනව මුල්බැසගත් ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම වෙනුවෙන් සමාජ සාධාරණත්වය සඳහා වන කොමිසමක් ස්ථාපනය කරන
බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සියවස් සැමරුම් උළෙලට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ එම කොමිසම සමඟ අත්වැල් බැඳගන්නා ලෙසයි.

0 Comments