ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දෙන බව ඉන්දියාව දැනුම්දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබාදී ඇති බවත්, එහි තවදුරටත් සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇත්තේ, 2023 පළමු කාර්තුව ඇතුළත IMF මූල්‍ය සහනය ලැබෙතැයි අපේක්ෂා කරන බවය.


0 Comments