බිත්තර බනිස් ගෙඩිය තුළ මත්කුඩු සඟවා පොලිස් සිර මැදිරියේ රඳවා සිටින බාප්පාට ලබාදීමට උත්සාහ දැරූ ඥාති පුතා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි .
සැකකරු එලෙස රැගෙන ආ හොරයින් මත්කුඩු ග්‍රෑම් පහයි මිලි ගෑම් සීයක් පොලිස් භාරයට ගෙන ඇත.
බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට උදෑසන ආහාර ලබා දීම සඳහා පැමිණි පුද්ගලයකු රැගෙන ආ බිත්තර බනිස් ගෙඩිය තුළ තිබී එම මත්කුඩු සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
තම බාප්පට උදෑසන ආහාර රැගෙන ආ බව පවසමින් පොලිසිය වෙත පැමිණි පුද්ගලයකු සතුව තිබූ මාළුපාන් ගෙඩිය සහ බිත්තර බනිස් ගෙඩිය රාජකාරියේ නිරත කාර්යභාර නිලධාරියා විසින් දැඩි පරීක්ෂාවට ලක් කිරීමේ දී බිත්තර පාන් ගෙඩියේ මැද කොටස වෙන්කර අභ්‍යන්තරයට යොදා තිබෙන ලූණු අතර සඟවා ඉටිකොලයක ඔතන ලද මත්කුඩු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මේ ආකාරයෙන් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් සිදු වන බවට බොරැල්ල පොලිසියේ නව ස්ථානාධිපති ජානක ප්‍රියදර්ශන විතානගේ උපදෙස් පන්තියේදී ලබාදුන් උපදෙස් මත කාර්ය භාර නිලධාරී උප පොලිස් පරීක්ෂක උපුල් අසැකකරුවන්ගේ උත්සාහය වැලැක්වීමට හැකියාව ලැබුණ බව පොලිස් නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් සැකකරු දහනව හැවිරිදි වියේ පසුවන වනාතමුල්ල පදිංචිකරුවෙකි.
0 Comments