මැතිවරණ කොමිසමේ කැදවීමට ආරක්‍ෂක ලේකම් නොඑයි…

 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කැඳවා තිබුණ ද ඔහු ඒ හමුවේ පෙනී සිට නැත.

පසුගිය බදාදා දිනයේ මැතිවරණ කොමිසමට ඔහු කැඳවා තිබින.

පොලිස්පතිවරයා කැඳවා මැතිවරණ කොමිසම මැතිවරණයේ ආරක්‍ෂාව ගැන සාකච්ඡා පැවැත්වූ බැවින් ආරක්ෂක ලේකම්වරයා ඊට සහභාගි වී නැති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමට ලේකම්වරුන් කැඳවීමේ බලයක් නැති බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.

Post a Comment

0 Comments