IMF ණය ප්‍රමාද වීමට හේතුව...

 



ද්වීපාර්ශවික ණය දෙන්නන් සමඟ ගිවිසුම්ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබාදීම ප්‍රමාද වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. 


මේ හේතුවෙන් රටේ ජන ජීවිතයට ද බලපෑම් එල්ල වී ඇති බව ඔහු සඳහන් කළේය. 


ඔහු මේ අදහස් පළකළේ අද (12) පැවති Voice of Global South Summit G20 සමුළුවට මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වෙමිනි.

 

මීට අමතරව ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවික ණයදෙන ආයතනවල සැළකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

Post a Comment

0 Comments