භූ කම්පනයෙන් මියගිය ගණන 11,000 ඉක්මවයි...

 

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය බවට තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 11,000 ඉක්මවා ගොස් තිබේ.


ඒ අනුව තුර්කියේ මරණ 8,574ක් සහ සිරියාවේ මරණ 2,662ක් ලෙස සමස්ත මරණ 11,236ක් බලධාරීන් විසින් මේ වන විට තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 


කෙසේවෙතත් සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන ලබාගැනීම දුෂ්කර වී ඇති බව ද වාර්තා වෙයි.


කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය. 


පසුගිය සඳුදා ඇතිවූ මෙම භූ කම්පනය සැලකෙන්නේ වසර 20කට පසුව ලොව සිදුවූ දරුණුතම භූ කම්පනය ලෙසටය.

Post a Comment

0 Comments