අයියා ව ඝාතනය කළාට 14 හැවිරිදි මල්ලි අත්අඩංගුවට...

 

කළුතර තේක්කවත්ත පළාතොට ප්‍රදේශයේ දී සහෝදරයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.


පොලීසිය පැවසුවේ ඊයේ (07) දහවල් මෙම ඝාතනය සිදුව ඇති බවයි.


පහරදීමෙන් බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා ව නගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.


මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයා සමග නිවසේ සිට ඇති අතර, ඔවුන්ගේ මව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ සැමියාව බැලීමට රෝහලට ගොස් සිටිය දී මෙම ආරවුල ඇතිව තිබේ.


එහිදී බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී තිබේ.


පහරකෑමෙන් මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

Post a Comment

0 Comments