තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ගලවා ගැනීමේ කණ්ඩායම්වල මන්දගාමී ක්‍රියාකලාපය තුර්කි ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ.
භූ කම්පනවලින් විපතට පත් වූ තුර්කි වැසියන් පවසන්නේ, ඇතැම් ප්‍රදේශවල සුන්බුන් අතර සිරවූවන් මෙතෙක් මුදා ගෙන නොමැති බවයි.
කඩා වැටුණු ඇතැම් ගොඩනැගිලිවල සුන්බුන් අතරින් උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇහෙන බව තුර්කි වැසියන් පවසයි.
නමුත් එම සිරවී සිටින පිරිස් මුදා ගැනීමට ප්‍රමාණවත් ගලවා කණ්ඩායම් සහ උපකරණ නොමැති බවට තුර්කි වැසියන් චෝදනා කරයි.


0 Comments