පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (06) සිට ආරම්භ වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරගය අද අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
මෙවර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 10 වනදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලියට එක්වන කණ්ඩායම 10 නායිකාවන් කුසලානය සමග නිල ඡායාරූපයකට පෙනී සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව A කාණ්ඩයෙන් තරග වදින අතර චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිලද එම කාණ්ඩයට ඇතුළත්ය.
B කාණ්ඩය යටතේ තරග වදින්නේ එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය තරග වදී.
තරගාවලියේ පුහුණු තරග අද සිට ආරම්භ වන අතර ඒ අනුව අද පුහුණු තරග 4ක් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව නවසීලන්තය , බටහිර ඉන්දීය කොදෙව් සමගින්ද, දකුණු අප්‍රිකාව එංගලන්තය සමගින්ද, ඔස්ට්‍රේලියාව ඉන්දියාව සමගින්ද තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වන පළමු පුහුණු තරගද අයර්ලන්තයට එරෙහිව අද පැවැත්වීමට නියමිත අතර එම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවන දෙවන පුහුණු තරය කොදෙව් කණ්ඩායමට එරෙහිව පෙබරවාරි 8වනදා පැවැත්වීමට නියමිතය.
0 Comments