මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදෙන බවට දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම තහවුරු කර තිබේ.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමඟ පැවති සාකච්ඡාවක දී මේ බව පවසා ඇත.
මෙහිදී වැඩි අවස්ථාව හිමිවන්නේ සාත්තු සේවිකාවන්ට යි.
එසේම, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ලබාදීම සඳහා අතරමැදියෙකු මුදල් ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලබාදෙන ලෙස එරට ජනගහන සහ සංක්‍රමණික ආයතනයේ නියෝජිතයන් ඉල්ලා ඇත.
 

 
 
 
 
 
 
 
 
0 Comments