අපි 25 ලක්‍ෂයක් කොළඹ වටලා ආණ්ඩුව ගන්නවා.. ගෙවල් දොරවල් පරිස්සං කරගනිල්ලා..- මාලිමා ලොක්කෙක් තර්ජන කරලා..

 

තවත් දින කිහිපයකින් තම පක්ෂය කොළඹට ලක්ෂ 25ක් සෙනග ගෙන විත් ආණ්ඩු බලය ලබා ගන්නා බවත් එතැනින් පසු සියලු දෙනා පරිස්සමෙන් සිටිය යුතු බවත් රාජාංගනය ප්‍රාදේශීය සභාවට යාය 15 කොට්ඨාශයෙන් නිදහස් ජනතා පෙරමුණෙන් තරග කරන උපාලි රණතුංග මහතාට ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙකු විසින් මරණ තර්ජනය සිදුකර ඇතැයි රාජාංගන පොලීසියට පැමිණිලි කර ඇත.

තම පක්‍ෂය ආණ්ඩුව ලබාගත් පසු ගෙවල් දොරවල් පරිස්සං කරගන්නා ලෙසත් හෙලිකොප්ටර්කාරයන් ඇතුළු සියලු දෙනා ප්‍රතිගාමීන් බවත් ඔහු වැඩිදුරටත් තර්ජනය කරමින් පවසා ඇතැයි පොලිසියට කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

රාජාංගන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.

Post a Comment

0 Comments