මෙරට ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා රුපියල් බිලියන 500 ට අධික ප්‍රමාණයක් දේශපාලකයන් හා ඔවුන්ගේ ගජ මිතුරන් කොල්ලකාගෙන ඉන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක 43 සේනාංකය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවකදී සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් සදහන් කළේ,
“ ජනාධිපතිවරු ඝාතනය කරපු LTTE ත්‍රස්තවාදීන්ට සමාවදී ඒ පරිච්ඡේදය අවසන් කරලා සමාව දෙන තත්ත්වයට පත්වෙලා ඉන්න රටක මැයි 09 වෙනිදා අරලියගහ මන්දිරය ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ වීඩියෝව කරපු මාධ්‍යවේදීන්ට මේ විදියට කටයුතු කිරීම කවර ආකාරයට සමාජය පිළිගනීද කියන ගැටලුව අපිට එනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතවරු, පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතවරු, මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර ආයතන වල පිරිස් එනවා.
මේ රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම පිළිබඳව දූෂණය පිළිබඳව ඒ අය හඬ නගලා තියෙනවා. ඒ දූෂණය පිළිබඳ කාරණා තමයි වැඩි හරියක් මේ දර්ශන හඳුන්නෙත්ති පෙන්වලා දීලා තියෙන්නේ.
ඇමතිවරුන්ගේ ගනුදෙනු පිළිබඳව නිසි විමර්ශනයක් කරලා ඒ නීති විරෝධී ගනුදෙනුවලට සම්බන්ධ දේශපාලකයෝ ඉන්නවා නම්, නිලධාරීන් ඉන්නවා නම් ඒ පිළිබඳව විමර්ශනය කරන්නේ නැතුව ඒවා වාර්තා කරපු, වාර්තාකරුවන් විනාශ කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.
මේ රටේ මැති ඇමතිවරු ඇතුළු දේශපාලකයින්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රකෝටි ගණන් ධනය මංකොල්ලකෑම් ගැන හෙළිදරව් කළහම ඒ ගැන කතා කරන්න කෙනෙක් නෑ. මතක තියාගන්න ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා පමණක් රුපියල් බිලියන 500 ට අධික ප්‍රමාණයක් දේශපාලකයන් හා ඔවුන්ගේ ගජ මිතුරන් කොල්ලකාගෙන ඉන්නවා.
පසුගිය තුන්වෙනිදා රාත්‍රියේ එල්ෆින්ස්ටන් රඟහල අසල සිදුවෙච්ච සිදුවීම අනාගතයේ දරුණු ආකාරයට ඇතිවෙන්න පුළුවන් කිසියම් ආකාරයක පෙරනිමිත්තක්.”
0 Comments