රු. මිලියනයක වැටුපක් ගන්න ලාංකිකයන් 600කට රැකියා අවස්ථා...

 

ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමකට මෙරටින් ට්‍රක් රථ රියදුරන් හය සියක් (600) බඳවා ගැනීමට සූදානම් වෙයි.


ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ මෑන්වෙස්ටා (Manvesta) ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් පවසයි.


ඇය මේ බව පැවසුවේ ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවස්ථාවේදීයි.


මෙම කඩිනම් බඳවා ගැනීම සඳහා අගමැතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඇය සදහක් කළාය.


තෝරාගත් රියදුරන් සඳහා කඩිනම් පුහුණු වැඩසටහන් අවශ්‍ය වේ. ඇබෑර්තු හයසියයක් පැවතියත් තෝරා ගැනීමට හැකිවි ඇත්තේ කුසලතා ඇති එක සිය නව දෙනෙකු පමණි.


එක් රියැදුරෙකුට රුපියල් මිලියනක පමණ මාසික වැටුපක් හිමිවේ. යුරෝපයේ ප්‍රමිති සමාගම් 500කට වැඩි සංඛයාවකට සුඛෝපභෝගී මෝටර් රථ, ආහාර සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු තම ආයතනය සතු බව ද ඇය පැවසුවාය. ඒ සඳහා මූලික ඉංග්‍රීසි දැනුම ඇති හොඳ රියැදුරන් අවශ්‍ය වේ.


මෙම පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පාසලේ සහ අනිකුත් පුහුණු මධ්‍යස්ථානවල රියදුරු පුහුණු පහසුකම් යොදා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.


මෙවැනි රියදුරු රැකියා සඳහා අයදුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක් ද ස්ථාපිත කිරීම පිළිබඳව කම්කරු ඇමතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව ද අග්‍රාමාත්‍ය වරයා පැවසීය.

Post a Comment

0 Comments