යුක්රේන ආක්‍රමණය සඳහා රුසියාව බදවා ගත් නිල නොලත් හමුදා භට පිරිස් වලින් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මියගොස් හෝ තුවාල ලබා ඇති බව ඇමෙරිකාව පවසනවා.
නිසි හමුදා පුහුණුවක් නොලබා සටන් කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් 9000ක් පමණ අනිවාර්යයෙන්ම මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ.
පසුගියදා රුසියාව විසින් සිරකඳවුරුවල රැඳවියන් මෙම නිල නොලත් හමුදා පිරිසට බඳවා ගෙන තිබූ අතර, ඔවුන් යුක්රේනයේ - බක්මූට් නගරයේ කොටසක්ද අත්පත් කරගත්තා.

0 Comments