හර්ෂ පන්නා දමයි…

 


රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් පන්නා දමා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග එම කමිටුවද අහෝසි වන්නේ යයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම කමිටුවේ සභාපති ධුරය ලබා දිය යුත්තේ විපක්ෂයට බවද හෙතෙම පෙන්වා දෙයි.

නැවත පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ පසුද විපක්ෂයෙන් එම ධුරය සදහා පත් කරන්නේ තමන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

සිරස නාලිකාව සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

Post a Comment

0 Comments