ලංකා වෙළඳපොළට ආ අලුත්ම මෝටර් රථය...

 



ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද මෝටර් රථය වන Hyundai Grand i10 මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් Colombo City Centre හිදී සිදු වුණා.


කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙන්ම ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති Santhush Woon din Jeong ද මෙම අවස්ථාවට සහභාගී විය.


නවතම Hyundai Grand i10 මෝටර් රථයේ මනරම් නිමාව, වැඩි දියුණු කළ ක්‍ෂණය, නවීත විශේෂාංග මෙන් පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙම අවස්ථාවට සහභාගී වූ අමුත්තන්ගේ අවදානය යොමු කෙරුණා.


ලොව සුපතල උපාංග සහ තාක්‍ෂණික සහකරුවන්ගේ දායකත්වයෙන් අනර්ඝතම උපකරණ නිෂ්පාදන අලෙවිකරුවන් වෙතින් මීට අවශ්‍ය සෑම අංගෝපාංගයක්ම ලබා ගැනීමට කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කිරීමට මෙම නිෂ්පාදනය සමත්ව සිටිනවා. 


සීදුව ප්‍රදේශයේ ස්ථාපිතව ඇති නවීන තාක්ෂණය මුසු වූ ලොව විශිෂ්ඨතම රථ වාහන එකලස් කිරීමේ පහසුකම් වලින් සමන්විත කර්මාන්ත ශාලාවක Grand i10 මෝටර් රථ එකලස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබනවා.


දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදන කිරීමේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දැවැන්ත ඉදිරි පියවරක් සනිටුහන් කිරීමට මේ ඔස්සේ හැකි වනු ඇති අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ අවදානය සහ පිළිගැනීම ලබා ගැනීමේ හැකියාවද ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවට එක්වීම් සඳහන් කළා.

Post a Comment

0 Comments