කොළඹ හිටපු අගරදගුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති දේවධර්මාචාර්ය අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන්කටයුතු අද ( 06 වැනිදා) සවස කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී සිදු කෙරේ.
අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ට පූජකවරය ප්‍රදානය කර ඇත්තේ මෙම දෙව්මැදුරෙ දී ය .
1958 වසරේ පූජකවරය ලද උන්වහන්සේ 2002 වසරේ ජූලි 27 වන දින කොළඹ අගරදගුරු පදවියේ අග්‍රරාජගුරුප්‍රසාදි පදවියට පත් වූහ.
දෙදහස් එක වසරේ සිට විසි වසරක් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද හෙබවූහ.
පාසල් , ජාත්‍යන්තර පාසල් සහ කාර්මික පාසල් 15 ක් පමණ පිහිටුවීමට පුරෝගාමී වූ උන්වහන්සේ ස්වර්ගස්ථ වූයේ ඉකුත් 3 වැනිදා ය. ඒ වන විට උන්වහන්සේ අනූ වැනිවියේ පසු වූහ.
0 Comments