ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන්ට දෙන තරග දීමනා තුන් ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඇමරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.
මෙම ගාස්තු ඉහළ දැමීමට අමතරව ජයග්‍රහණය කරන තරගයට සහභාගි වූ ක්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 250 ක ප්‍රසාද දීමනාවක් බැගින් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.
එමෙන්ම සියලුම තරගවල අතිරේක ක්‍රීඩිකාවකට තරග මුදලින් සියයට 25 ක් ද පිරිනැමීමට තීරණය කර තිබේ.
මෙම ගාස්තු ඉහළ දැමීම පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.


0 Comments