වසන්ත ඇතුළු නඩයට උසාවියෙන් තහනමක්...

 

මාර්ගය අවහිර වන ආකාරයට මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන ආකාරයෙන් විරෝධතා, පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.


ඒ මිරිහාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි.


ඒ අනුව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සහභාගි වන්නන් වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

Post a Comment

0 Comments