ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.
ඒ, ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරීමේ වරදටය.
මෙම වරද නිසා ජඩේජාට ඒක් අසාදු ලකුණක් පැනවීමටද අයි.සී.සී. පියවර ගෙන ඇත.
නාග්පූර්හි පැවති මෙම තරගයේ 46 වැනි පන්දුවාරයේදී ජඩේජා විසින් මොහොමඩ් සිරාජ්ගේ අත්ල මත තිබූ වේදනානාශක ක්‍රීම් වර්ගයකින් ස්වල්පයක් ගෙන සිය දබරැගිල්ල ආධාරයෙන් පන්දුවෙහි තවරන අයුරු කැමරා රූපසටහන්හි සටහන් විය.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහට ලක්වූයේ දහඩිය හැර අනෙක් කිසිවක් ක්‍රිකට් පන්දුවක් මත තවරා ක්‍රීඩා කිරිම ක්‍රිකට් නීතිරීති කඩකිරීමක් වන නිසාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමද නිවේදනයක් නිකුත් තරමින් ජඩේජා පන්දුවේ දිස්නය වැඩි කිරිම සඳහා වේදනා නාශක ක්‍රීම් වර්ගයක් පන්දුවේ ආලේප කළ බව පිළිගත්තේය.

0 Comments