බලාගාරයක් නැවතී විදුලි සැපයුමකත් නවතී...

 

පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදක යන්ත්‍රවල අලුත්වැඩියාවක් හේතුවෙන් විදුලි උත්පාදන කටයුතු මේ වනවිට (19) තාවකාලිකව නවතා තිබේ.


ජල විදුලි බලාගාරයේ ඉහළ පෙළේ විදුලි ඉංජිනේරුවරයෙකු පැවසුවේ, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තාවකාලික අත් හිටුවීම සිදු කර ඇති බවයි.


එම ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර, ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සඳහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනල ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබයි.


සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු ජලය කැළණි ගඟට මුදා හැරීමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි.

Post a Comment

0 Comments