කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව අද (10 වැනිදා) රාත්‍රී 10.30ට සටන් වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වශයෙන් චමරි අතපත්තු කටයුතු කරන අතරවාරයේදී දකුණු අප්‍රිකානු නායිකාව වශයෙන් සුනේ ලූස් කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව මීට පෙර විස්සයි විස්ස පිටියේ හමුවූ අවසන් අවස්ථා 5දී දකුණු අප්‍රිකාව විශිෂ්ට ජයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කාරණයකි.
ප්‍රධාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගයෙන් අයර්ලන්තය හමුවේ ලකුණු දෙකකින් ජය ජයගත්තද, බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැති තරගයෙන් කඩුලු 04ක පරාජයකට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව හැරුණු විට ඔවුන් සහභාගි වන ‘ඒ’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය තරග වදී.


0 Comments