සහන දීමේදී අවශ්‍යතා සහිත කිසිවෙකුත් මඟ නොහරින්න - ජනපති...

 

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.


එසේම පවුල් 28 ලක්ෂ 50,000ක් සඳහා සහල් ලබාදීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.


අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 61,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.

Post a Comment

0 Comments