හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ක්‍රීඩා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ බන්දුල බස්නායක කොළඹ ජාතික රෝහලේදී අද (16) උදෑසන අභාවප්‍රාප්ත වුණා.
මියයන විට 76 හැවිරිදි වියේ පසු වූ ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායකගේ පියණන්ද වනවා.
හොකී, වොලිබෝල්, මලල ක්‍රීඩා සහ ජිම්නාස්ටික් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික ක්‍රීඩකයෙක් වූ බන්දුල බස්නායක දේශපාලනයට පැමිණීමට පෙර ගුරු පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ගල්ගමුව - ඇහැටුවැවදී සිදුකිරීමට නියමිතයි.
 

 
 
 
 
 
 
 
 
0 Comments