පලාත් පාලන ආයතන සදහා වන සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් අදියරේ ඇති බව සීමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මාර්තු මස අගභාගය වන විට අදාළ අවසන් වාර්තාව භාර දීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ අනුව ළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8400 සිට 5000 දක්වා අඩු කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇති බවත් සඳහන් කරයි.
මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් පළකර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එලෙස සභික සංඛ්‍යාව අඩු කල විට පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සිදුවන්නේ එම තත්වය තුල බවද පෙන්වා දෙන දේශප්‍රිය මහතා දැනට පැවැත්වීමට නියමිත ඡන්දය ප්‍රමාද වුවහොත් දැනට කැඳවා ඇති නාමයෝජනා අවලංගු කර නව ක්‍රමය යටතේ නැවත නාමයෝජනා කැඳවා ඡන්දය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවද සඳහන් කර ඇත.


0 Comments