විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.
මෙම විවාහ මංගල්‍යය චීනයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා පැවති එම විවාහ මංගල්‍යය අතරතුරදී චෙන් නමැති මනාලයාගේ හිටපු පෙම්වතියන් රැසක් සංවිධානය වී විරෝධතාවයක නිරතව ඇත.
එහිදී තරුණියන් පිරිසක් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

කෙසේ වෙතත් එහිදී අදාළ මනමාලයා විසින් විරෝධතාවයේ නිරත වූ ඔහුගේ පැරණි පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
තමන් අතීතයේ හොඳ පෙම්වතෙකු නොවුණු බව ඔහු එහිදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම ඔහු එහිදී සඳහන් කර ඇත්තේ සියලුදෙනාම තම පෙම්වතියන්ට සත්‍යවාදී විය යුතු බවය.


0 Comments