විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර පෙරේදා (13 වැනිදා) පැවැති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට ඊයේ (14 වැනිදා ) දැනුම් දුන්නේය.
ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව එම පාර්ශ්ව දෙකට පෙරේදා දැනුම් දුන් අතර ඒ අනුව රැස් වී කළ සාකච්ඡාවේ දී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව පාර්ලිමේන්තුවේ දී රැස් වූ ජාතික සභාවට එම නිලධාරීහු දන්වා සිටියහ. මහජන උපයෝගීතා කොමිසම රැස් වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව සාකච්ඡාවට සහභාගි වූ එම කොමිෂන් සභාවේ නිලධාරීහු පැවසූහ.
කොමිසම කලින් ප්‍රකාශ කළ ආකාරයට ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය ජාතික සභාවට අද (15 වැනිදා) දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන කීවේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

0 Comments