හෙට දිනයේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට නිදහස මන්ත්‍රී කණ්ඩායමේ 13 දෙනා ඒකමතිකව තීරණය කර ඇත.
නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ රටේ සාමාන්‍ය ජනතාවට එදාවේල සොයාගැනීමට අපහසු තත්ත්වය පැන නැගී තිබියදී රෝගීන් ඖෂධ නැතිව දැඩි පීඩාවට පත්ව සිටියදී පාර්ලිමේන්තු සැසිවාර කල් දමමින් රජය නටන නාඩගමට තමන්ගේ කිසිම එකගතාවක් නැති බවයි.
රාජාසන කතා කිරීමට දැන් ලංකාවේ රජවරු නොමැති බවද ඒ මහතා පැවසීය.


0 Comments